• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදිවාසී පනත් කෙටුම්පත ගැන අපි මෙලෝ දෙයක් දන්නේ නෑ

ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ

13 August 2026
in දේශීය, පුවත්
ආදිවාසී පනත් කෙටුම්පත ගැන  අපි මෙලෝ දෙයක්  දන්නේ නෑ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආදිවාසීන් උදෙසා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඇතුළු ආදිවාසී ජනතාව කිසිදු තොරතුරක් නොදන්නා බව ආදිවාසී ජාතික නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසති. මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුව තිබූ බවත්, එය සකස් කිරීමට ප්‍රථම ආදිවාසී ජනතාව සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් ලබා නොගැනීම පිළිබඳව රෑහේ නායකයා ලෙස තමා දැඩි කනගාටුව පළ කරන බවත් ඔහු සඳහන් කර ඇත.
ආදිවාසී දිනයේදී අගමැතිනිය ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත මඟින් ආදිවාසීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවයි. එම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වන වන්නියලැ ඇත්තෝ සඳහන් කරන්නේ එම කරුණු මහ පොළොවේ යථාර්ථයක් වන තෙක් තමන් බලා සිටින බවයි. එමෙන්ම මීට පෙර අගමැතිනිය සිය නිවසට පැමිණි අවස්ථාවේදී ලබා දුන් පොරොන්දු ද මෙතෙක් ඉටු වී නොමැති බව ඔහු පෙන්වා දෙයි.
රටේ පවතින නීති රීති කාලයට සහ අවශ්‍යතාවන්ට සරිලන පරිදි වෙනස් විය යුතු බවත්, එසේ නොමැති නම් රට ඉදිරියට පවත්වාගෙන යෑම අපහසු බවත් පෙන්වා දෙන ආදිවාසී නායකයා, එවැනි නීති සම්පාදනය කිරීමේදී මෙරට ජාතීන්, පරම්පරාවන් සහ සංස්කෘතීන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරයි. මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී තමන් පාර්ලිමේන්තුවට ගොස් අදාළ ගැටලු සාකච්ඡා කළ බවත්, එහිදී මහවැලි, සංස්කෘතික, පරිසර, අධිකරණ අමාත්‍යාංශ ඇතුළු වනජීවී, වන සංරක්ෂණ, නීතිපති දෙපාර්තමේන්තුව සහ වෙරළ ආරක්ෂක කණ්ඩායම් එක්ව දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවත් ඔහු මතක් කර දෙයි.
එදා පැවැති රජය වෙනස් වීමත් සමඟ නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඇණහිටි අතර, වත්මන් රජය පත් වූ පසු ඒ පිළිබඳව අලුත් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බව වන්නියලැ ඇත්තෝ පවසයි. වත්මන් අගමැතිනිය සිය නිවසට පැමිණි අවස්ථාවේදීද සාකච්ඡා කොට යම් එකඟතාවලට පැමිණියද ඒවාද තවමත් ක්‍රියාත්මක වී නොමැත. මේ අතර අදාළ පනතට අදාළව ගැසට් නිවේදනයක් සකස් කර ඇති බව මෑතකදී ලැබුණු ලිපියකින් සහ දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණු බවත්, එම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳව දැනුවත් වීම සඳහා එය තමන් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් එය ලැබී නැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
පසුගිය කාලය පුරාම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සහ හැඳුනුම්පත් ලබා දීම වැනි බොහෝ දේ සිදු වූවද, අධිකරණය හමුවට ගිය විට එම ගිවිසුම්වලට කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බව හෙළි වූ බව ආදිවාසී නායකයා වැඩිදුරටත් අනාවරණය කළේය. වනාන්තරවලට ඇතුළු වීමට සහ සම්ප්‍රදායානුකූලව මාළු ඇල්ලීමට අවසර ඇති බව පැවසුවද, ඒ සඳහා හඳුනාගත් වැව් මොනවාදැයි පැහැදිලි කර නොමැති අතර ආසන්නයේ ඇත්තේ මාදුරුඔය සහ උල්හිටිය වැනි විශාල ජලාශ පමණි. ඊට අමතරව, වලකට වහ නළල දමා මසුන් මරණ සම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳවද එකී ගිවිසුම්වල කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැත.
මෙවැනි නීති සහ ගැසට් නිවේදන සකස් කිරීමේදී ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන බලපෑම්, ඔවුන්ට ලැබෙන සහන සහ නිදහස පිළිබඳව එම කණ්ඩායම් සමඟ සෘජුව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැතිව හිතුමනාපයට ගැසට් පත්‍ර සකස් කර ගිවිසුම් අත්සන් කළද අවසානයේ සිදුවන්නේ ආදිවාසී ජනතාව සිටි තැනම නතර වීම බවත් ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පෙන්වා දෙයි.
Post Views: 3
Previous Post

අවදානම හමුවේ තනතුර අහිමි වෙනවා නම් මං යන්න ලෑස්තියි

Next Post

Google වෙතින් Pixel 11 මාදිලි පෙළ එළිදක්වයි

Editor TTV News

Editor TTV News

Next Post
Google වෙතින්  Pixel 11 මාදිලි පෙළ එළිදක්වයි

Google වෙතින් Pixel 11 මාදිලි පෙළ එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

17 August 2026
19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

17 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved