මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රගතිය සහ එහි ක්‍රියාත්මක පර්යේෂණ කටයුතු පිළිබඳ සමාලෝචනයක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ආයතනය මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදුකරනු ලබන පර්යේෂණ, නවෝත්පාදන සහ විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳවද මෙම සමාලෝචනයේදී කරුණු සාකච්ඡා කර තිබේ. මූලික විද්‍යා පර්යේෂණ ක්ෂේත්රයේ ආයතනයේ වත්මන් කාර්යසාධනය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.
මෙම අවස්ථාවට සමගාමීව ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නව වෙබ් අඩවියද අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.














