කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසකට යාබදව පවත්වාගෙන ගිය දේවාලයක තිබී මිනිස් හිස් කබල් දෙකක් සොයාගැනීම සම්බන්ධයෙන් එම දේවාලය පවත්වාගෙන ගිය කපුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කැලණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව පසුගිය 11 වැනිදා රාත්‍රියේ අදාළ ස්ථානය පරීක්ෂා කර ඇති අතර, එහිදී මෙම මිනිස් හිස් කබල් දෙක සොයාගෙන ඇත. ඒවා එම ස්ථානයට ලැබුණු ආකාරය සහ ඒවා කාගේද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් කටයුතු සඳහා වෙනත් පුද්ගලයෙකුගෙන් මෙම හිස් කබල් මිලදී ගත් බවයි. එම ප්‍රකාශයේ සත්‍යතාව ඇතුළු සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිසිය වැඩිදුර විමර්‌ශන පවත්වයි.














