විදෙස් රටවල සැඟවී සිටින මෙරට අපරාධකරුවන් 93 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.
පසුගිය 2024, 2025 සහ මෙම වසරේ මේ දක්වා කාලය තුළ එම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ අපරාධකරුවන් 35 දෙනෙකු ද මෙරටට රැගෙන ඒමට හැකි වී තිබේ. එසේ ගෙන්වා ගන්නා ලද අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.














