මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ සහ බර වාහන රියදුරන් අහඹු ලෙස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා සිදුකරන මෙම විශේෂ පරීක්ෂණ වැඩපිළිවෙළ දැනට පළාත් 5ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන බව එම ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කරයි.














