ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා ජාලය තවදුරටත් පුළුල් කරමින්, වියට්නාමයේ හෝ චි මින් නගරය සහ කොළඹ අතර නව ගුවන් සේවා දෙකක් ලබන සතියේ ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව, වියට්නාම ජාතික ගුවන්සේවය වන වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) අගෝස්තු 16 වැනිදාත්, වියට්ජෙට් එයාර් (Vietjet Air) අගෝස්තු 18 වැනිදාත් මෙරටට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, මෙමඟින් දෙරට අතර සංචාරක හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.














