මන්නාරම් ද්‍රෝණියේ පවතින ස්වාභාවික වායු සම්පත ගොඩගෙන ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමේ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මෙම අගෝස්තු මාසය තුළ ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු පවතින බව ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සංවර්ධන අධිකාරිය මඟින් විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.
ප්‍රසම්පාදන කමිටු අනුමැතිය යටතේ සිදුකරන මෙම ක්‍රියාවලියේදී, අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අදාළ ආයෝජකයින්ට මාස 5ක පමණ කාලයක් හිමිවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.














