ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂොහෙයි හාරා (Shohei Hara) මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා වන ඉදිරි සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
සංචාරය අතරතුර අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හමුවී ඇති හාරා මහතා, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කළේය. එසේම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර සහ පුත්තලම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන ජයිකා ආධාර ලබන ව්‍යාපෘති සහ සංවර්ධන මුලපිරීම් නිරීක්ෂණය කිරීමටද ඔහු නියමිතව ඇත.














