අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10යි මාස 8ක් වන දැරියකට ලිංගික අපයෝජනය සිදුකළ බවට ඇයගේ පියාට සහ සීයාට එරෙහිව පැමිණිලි දෙකක් අම්බලන්තොට පොලිසියට ලැබී තිබේ. දැරිය විසින් සිය ආච්චි සමඟ පැමිණ සිදුකළ ප්‍රකාශ අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, පළමු පැමිණිල්ලෙන් සීයා විසින් සහ දෙවන පැමිණිල්ලෙන් පියා විසින් අවස්ථා කිහිපයකදී ඇයට ලිංගික අපයෝජනය සිදුකර මරණ බවට තර්ජනය කර බිය ගන්වා ඇති බව පොලිසිය පවසයි.
දැරිය පසුගිය 9 වැනිදා ගාල්ල ප්‍රදේශයේ පාසල් ක්‍රීඩා කටයුත්තකට ගොස් මිරිස්ස ප්‍රදේශයේ ආච්චිගේ නිවසට ගොස් මේ බව දැනුම්දීමෙන් පසු ඇය පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රදේශයේ නොසිටි සීයා සහ මුහුදු රැකියාවකට ගොස් සිටින පියා අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය පුළුල් විමර්ශන පවත්වයි.














