ඊයේ (13) වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයකදී අමානුෂික ලෙස පහරදී අතරමං කර දමා ගොස් සිටියදී හමුවූ අවුරුදු හතරක් පමණ වයැති දැරියගේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඊට අනුබල දුන් මව අද (14) හාලිඇළ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. දැරියට එල්ල වූ ම්ලේච්ඡ පහරදීම් හේතුවෙන් ඇය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















