දෙහිඅත්තකණ්ඩිය ජනතාව එක්ව රටට නිවැරදි නායකත්වයක් සහ යහපත් පාලනයක් ලබා දෙන ලෙස ඉල්ලා විශේෂ දේව කන්නලව්වක් සිදු කර තිබේ.
ජනතාව දැඩි පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග වෙනස් කර, රටට සැබෑ ලෙසම යහපත සදන නිවැරදි තීන්දු ගැනීමට බලධාරීන්ට බුද්ධිය සහ මොළය පෑදී රටට සෙත සදන නායකත්වයක් උදා කර දෙන ලෙස ඉල්ලමින් මෙම කන්නලව්ව සිදු කර ඇත.
















