ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර සහ ගැලවුම් මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ‘ද චර්ච් ඔෆ් ජීසස් ක්‍රයිස් ඔෆ් ලැටර්-ඩේ සේන්ට්ස්’ ආයතනය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය සහ සෙවීම් හා ගැලවුම් උපකරණ නිල වශයෙන් භාර දීමේ උත්සවයක් කොළඹ පිහිටි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම මත මෙම පරිත්‍යාගය සිදු කර ඇති අතර, 2025 නොවැම්බර් මාසයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු හදිසි ආපදා සූදානම ඉහළ නැංවීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර ඇත. ජනන යන්ත්‍ර, හදිසි ආධාර කට්ටල, දම්වැල් කියත්, වී.එච්.එෆ්. සන්නිවේදන යන්ත්‍ර සහ හයිඩ්‍රොලික් කැපුම් මෙවලම් ආදී උපකරණ මෙම පරිත්‍යාගයට ඇතුළත් වන බව ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අචිනි පෙරේරා මහත්මිය සඳහන් කළාය.














