ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම, තෝරාගත් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සහ රට තුළ පවතින හිතකර පසුබිම යටතේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත. දෙරටේ පෞද්ගලික අංශ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ‘ශ්‍රී ලංකා–ඕමාන් ව්‍යාපාරික සභාවක්’ ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද ඕමාන නියෝජිත පිරිස විසින් ඉදිරිපත් කර තිබේ. ඕමාන් තානාපති අහමඩ් අල්-රෂ්ඩි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.
















