දුකකදී හෝ කරදරයකදී තමා වෙනුවෙන් පෙනී නොසිටින පුද්ගලයන් සමඟ ඉදිරියට කිසිදු ගමනක් නොයන බව සමගි ජන වේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමාට යම් පිරිසක් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඊට වැඩියෙන්ම උදව් කළේ තම කණ්ඩායමේ අය බවත්, වරුණලා වැනි සීමිත පිරිසක් පමණක් තමා වෙනුවෙන් අවංකව පෙනී සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය. තමා කලාව පැත්තෙන් ගියා නම් විශාල ගමනක් යාමට තිබූ බවත්, දේශපාලනයට පැමිණීම නිසා මෙგැනි අත්දැකීම් ලැබීමට සිදු වූ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.














