වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. අගෝස්තු මාසයේ ගතවූ දින 13 තුළ පමණක් රෝගීන් 6,004ක් වාර්තා වී ඇති අතර, මේ වන විට ඩෙංගු මරණ 68ක් වාර්තා වී තිබේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,968කි. පළාත් අනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි (48,383ක්). මීට අමතරව දකුණු පළාතෙන් 13,479ක්, මධ්‍යම පළාතෙන් 8,160ක් සහ සබරගමුව පළාතෙන් 7,491ක් වශයෙන් රෝගීන් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය සඳහන් කර ඇත.














