ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. සන්තෝෂ් ජා (Santosh Jha) මහතා අගෝස්තු 14 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමු විය.
මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙන්ම, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ සූදානම් වීම් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහකාර ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියහ.














