අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවේ සිටි නාවිකයින් සහ පිරිස මුදාගැනීමේ අරමුණින් ගුවන් හමුදාව විසින් විශේෂ සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
මෙම හදිසි අනතුරත් සමඟ අදාළ ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 සහ MI-17 වර්ගයේ ප්‍රහාරක හා සහන හෙලිකොප්ටර් යානා යොදවා ඇති අතර, නාවික හමුදා යාත්‍රාවේ සිටි පිරිස කඩිනමින් ගොඩගැනීමට සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට අදාළ අංශ දැඩි පරිශ්රමයක නිරතව සිටියි.
මෙම මෙහෙයුම්වල ප්‍රගතිය සහ ඉදිරි ආරක්ෂක පියවරයන් පිළිබඳව නාවික හා ගුවන් හමුදා මුලස්ථාන විසින් නිරන්තර අවධානයෙන් යුතුව කටයුතු කරන අතර, අනතුරට හේන්තු සහ ඉදිරි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.













