ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඇලුමිනියම් නිස්සාරණ නිෂ්පාදකයා වන හේලීස් ඇලුමෙක්ස් පීඑල්සී (Hayleys Alumex PLC), මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු කළමනාකරණ අංශය සමඟ එක්ව දක්ෂිණ අධිවේගී මාර්ගය දිගේ ගැලනිගම සහ මීරිගම-කුරුණෑගල කොටස් ආවරණය වන පරිදි ආදිේශික සහ ඵල දරන ගස් පැළ ආසන්න වශයෙන් 600ක් සිටුවීමේ හරිත වනාන්තරකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.
මී, කුඹුක සහ කහ කරඳ වැනි දේශීය ශාක විශේෂ ඇතුළත් මෙම පාරිසරික වැඩසටහන මඟින් සමාජයේ සහ පරිසරයේ තිරසාරභාවය තහවුරු කිරීමේ හේලීස් ඇලුමෙක්ස් ආයතනයේ පුළුල් සංවර්ධන අරමුණු මනාව මූර්තිමත් වේ. මෙම ව්‍යාපෘතිය යටතේ සිටුවන ලද පැළ නඩත්තු කිරීම සහ ටැග් කිරීම සඳහා ආයතනයේ ස්වේච්ඡා සේවකයන් සහ සහභාගී වන්නන් ද දායක වී තිබේ.














