පොලිසිය විසින් සිදු කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වලට අදාළව, ගත වූ පැය 24 (අගෝස්තු 14) තුළ පුද්ගලයන් 26,346ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් සැකකරුවන් 458 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් 18 දෙනෙක් අපරාධ සඳහා ඍජුව සම්බන්ධ පුද්ගලයන් වන අතර, බිමත් රියදුරන් 55 දෙනෙකුද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. රට පුරා අපරාධ සහ නීති විරෝධී කටයුතු මැදැඩීම සඳහා පොලිසිය විසින් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.














