විදේශ රටවල සැඟව සිටින ප්‍රබල පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඊට අමතරව තවත් සියයකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක වන අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩපිළිවෙළෙහි විනිවිදභාවය සහ ප්‍රගතිය හේතුවෙන් විදෙස් රටවලින් සහ තානාපති කාර්යාලවලින් විශේෂ ඇගයීමක් හා ඉහළ සහයෝගයක් හිමි වී ඇති බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි. මෙම මෙහෙයුම් නවත්වන ලෙසට කිසිදු බාහිර බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වී නැති අතර, වැටලීම් තවදුරටත් වැඩි කරන ලෙසට පමණක් ඉල්ලීම් ලැබී ඇතැයි ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම නීතිවිරෝධී ජාවාරම් සඳහා මුදල් යොදවමින් ආයෝජනය කළ සහ ආධාර උපකාර කළ පිරිස් මේ වන විට දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















