මේ වන විට ගොවි, ධිවර, කම්කරු, ව්‍යවසායකයන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදී සෑම ක්ෂේත්‍රයක්ම මුහුණ දෙන දුක ගැන රජයට කිසිදු තැබීමක් නොමැති බවත් ආනයනික වාහන මත පනවන 50% අධිභාර බද්ද දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කරන්න රජය තීන්දු කර ඇති බවත් මැතිවරණ වේදිකාවේ ලක්ෂ 12ට විට්ස් කාර් එකක් දෙනවා කිව්වත් අද වාහන ආනයන මත 50% අධිභාර බද්ද දමා පාරිභෝගික අයිතිවාසිකම් සුනුවිසුණු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් මහතාගේ සමාජ සේවා දිවියට වසර පනහක්(50) නිමිත්තෙන් පැවති උපහාර උළෙල අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
දේශපාලන ක්ෂේත්‍රය තුළ දේශපාලන ක්‍රමවේද ප්‍රධාන වශයෙන් 02ක් ඇති බවත් ඉන් එකක් වන්නේ කතා කරන කියවන ප්‍රකාශිත දේශපාලනය වන විට අනෙක් ප්‍රධාන ක්‍රමවේදය වන්නේ ප්‍රකාශයට පත් කරන දේ කතා කරන දේ මහ පොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන ක්‍රියාත්මක වීමේ දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2019 දීත් ව්‍යාජ ප්‍රතිරූපවලට රැවටුණා
2019 ජනාධිපතිවරණයේ දී බොහෝ දේවල් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළින් විවිධ ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන විවිධ දේ ප්‍රකාශයට පත් කර ප්‍රතිරූප ගොඩනගා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් රට බංකොලොත් වූ බවත් කාබනික පොහොර සූත්‍රයක් ගෙනවිත් ගොවියා විනාශ කර පෝළිම් යුගයක් නිර්මාණය වී මහා ඛේදවාචකයක් නිර්මාණය වූ බවත් එයට හේතුව ප්‍රකාශනයට හා ප්‍රචාරයට පමණක් සීමා වී කෘත්‍රීම චරිත ගොඩනගා ක්‍රියාව නැති සැනකෙළිය සෝබනය සහිත දේශපාලනය බවත් මේ නිසා සිදුවූ එකම දේ වන්නේ රට බංකොළොත් වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2024දීත් ව්‍යාජ ප්‍රතිරූපවල රැවටුණා
2024 දීත් රටටත් ජනතාවටත් පොහොසත් රටක් නිර්මාණය කර ලස්සන ජීවිතයක් නිර්මාණය කරන බව පැවසුවත් පොහොසත් රටේ ලස්සන ජිවිතය තුළ 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, තරුණ පරපුරට ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ලබා දීම සිදු කරනවා කියා විවිධ කතා කිව්වත් මේ කතා ක්‍රියාවට නංවන්න රජය කටයුතු නොකළ බවත් බොරුවත් මුසාවත් මුලාවත් ඉදිරිපත්කර තරුණයන් සේම සමස්ත ජනතාවම රැවටූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දෙනවා කිව්ව රු. 150 සහතික මිලත් අද නෑ
මෙරට ගොවි ජනතාව ප්‍රබලතම දේශපාලන බලවේගයක් වුවත් මේ ගොවි ජනතාව මුලා කර ගොවි බිමට බැස ගොවි ජනතාව වටකර ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා යැයි පැවසූ බවත් මේ සහතික මිල රටේ නීතියක් බවට පත් කරනවා කිව්වත් එය නොවූ බවත් රු. 137ක් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න වැය වන බව රජය දැන දැන සහතික මිල රු. 120ක් බවත් මේ නිසා ගොවියාට රු. 17ක් පාඩු කරමින් රජය කයිවාරු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට අවශ්‍ය ඒකාධිපති පාලනයක් රටේ ඇති කරන්න
රජයේ ප්‍රමුඛතාව සංවර්ධනය, සුබසාධනය, සහනය හෝ සේවය නොව රජයට අවශ්‍ය රටේ එක් පක්ෂයක් පමණක් පාලනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරිම බවත් යෞවන සමාජවල, සිවිල් ආරක්ෂක කමිටුවල, ගමේ සමිතිවල, ප්‍රජා ශක්ති වැඩසටහන ආදී සෑම බිම් මට්ටමේ ආයතනවල තනතුරු තීරණය කරන්නේ පැලවත්ත පක්ෂ කාර්යාලය බවත් සෙසු පක්ෂවල අයට මේ සිවිල් සමාජවල තනතුරු නොමැති බවත් මේ ගැටලුව මරණාධාර සමිතියට, ගොවි සමිතියට පවා පැමිණිය හැකි බවත් එක පක්ෂයක්, තනි මතය, තනි නියෝගය, තනි පාලනය තුළින් ජවිපේ දේශපාලන ආධිපත්‍ය, බලය සහමුළින්ම තහවුරු කරන ක්‍රියාවන්ට රජය යොමුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම තුළින් ගරු අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කිරිමක් සිදුවෙනවා
මේ නිසාම ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දමන්න රජය කටයුතු කරන බවත්, ජනතා වෙනුවෙන් කියමින් බුද්ධි ගලනය නතර කරන්න යැයි කියමින්, ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසදන්න යැයි කියමින් අධිකරණය ශක්තිමත් කරන්න යැයි කියමින් රජය ප්‍රජාතන්ත්‍රවාදයට ඇගිලි ගැසීමක් සිදු කරන බවත් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම තුළින් ගරු අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කිරිමක් සිදුවන බවත් මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙන බවත් සංවරණ හා තුලන ක්‍රමවේදය පවා මේ නිසා බිද වැටෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය අධිකරණය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු කරනවා
පිටපිටම මේ රජය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම තුළ නිදහස් මාධ්‍යත්, සිවිල් සමාජය විනාශ කිරීමත්, ගරු අධිකරණයට විවිධ වරප්‍රසාද ලබා දී අධිකරණය යන ආයතනය ගැන ජනතාවට ඇති විශ්වාසය පලුදු කර යුක්තිය පසිදලීම නීතියේ ආධිපත්‍ය යන ප්‍රතිපත්ති කෙලෙසමින් වත්මන් රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද අස්වැසුම කපන්නේ තරගයට
අද වන විට තරගයට අස්වැසුම කපා දමා ඇති බවත් 30-40%ක් රටේ දුප්පතුන් වී ඇති බවත් මේ ගැටලුවලට රජයෙන් විසදුම් නොමැති බවත් රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න යන බවත් රජය දැන් අයි. එම්. එෆ්. එක කියන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් බදු ගසා රාජ්‍ය ආදායම වැඩි කර ගෙන ඇති බවත් බදු බරින් පීඩාවට පත් ජනතාවට පවා සහන නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කලාකරුවන්ට සහන දෙන්න නම් අවුරුදු 60ට අඩු විය යුතුයි
විදේශ රටවලින් අප රටේ කලාකරුවන්ට සහනය දෙන්න යන බව එක්තරා වෙබ් අඩවියක සඳහන් බවත් මේ සඳහා ඉල්ලුම් කළ හැක්කේ අවුරුදු 60ට අඩු අයට බවත් කලාකරුවන්ට සහන දෙන විට අවුරුදු 60ට අඩුවිය යුතු වුවත් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න යන බවත් ජනතාවගේ දුක ගැන වේදිකාවේ කතා කළ මේ අද අද කෙදි වලාකුළුවල සිටින බවත් ජනතාවගේ හදවතේ ඇති දුක කදුල වේදනාව ගැන කිසිදු උනන්දුවක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි
ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස විශේෂයෙන් උපරිමාධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රම වයස වැඩි කිරිමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුළ වැදගත් පුර්වාදර්ශ ඇති බවත් 2/3 පමණක් නොව ජනමත විචාරණයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
















