රජය විසින් මන්නාරම් ද්‍රෝණියේ පිහිටි බ්ලොක් හතරක ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය මෙන්ම නිස්සාරණය කිරීමේ කටයුතු සඳහා මෙම මස අගදී ජාත්‍යන්තර සමාගම්වලින් ලංසු කැඳවීමට තීරණය කර ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් අදියරේ පැවති මෙම ක්‍රියාවලියට මීට පෙර බාධාවක්ව පැවති නීතිමය ගැටලු මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක වීම රටේ ආර්ථිකයට සහ බලශක්ති අංශයට සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















