මිහින්තලේ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විසින් අද (15) විරෝධතාවක නිරත වී තිබේ.
මිහින්තලේ, නෑටියගම ප්‍රදේශය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වෙත කොතරම් දැනුවත් කළද, පොලිසිය කිසිදු පියවරක් නොගන්නා බව විරෝධතාකරුවෝ චෝදනා කරති. තවද, පොලිසියට මෙම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මරණ තර්ජන පවා එල්ල කිරීමට තරම් ජාවාරම්කරුවන් පෙළඹී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.
















