පසුගිය සඳුදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු පැය 37කට ආසන්න කාලයක් සුන්බුන් අතර සිරවී සිටියදී බේරාගත් 32 හැවිරිදි ඩැනියෙලා ලාර්ගෝ (Daniela Largo) නැමැති කාන්තාව තුවාල ලැබීම හේතුවෙන් මියගොස් ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයින් පවසා තිබේ.
පෙරේරා නගරයේදී ඇයව සුන්බුන් අතරින් මුදාගැනීම ජාතික බලාපොරොත්තුවක සංකේතයක් වූවත්, බරපතල තුවාල ලැබීම නිසා ඇය ඉකුත් සිකුරාදා ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට මෙම ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව 294 ඉක්මවා ඇති අතර, තවත් පුද්ගලයින් 3,200කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ අංශ පවසයි.














