එල් නිනෝ (El Niño) සංසිද්ධියේ බලපෑම ඉදිරි මාස කිහිපය පුරාම ශ්‍රී ලංකාවට දැනෙනු ඇති බවත්, එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් දක්වාම පැවතිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ, රට තවමත් මෙම සංසිද්ධියේ උපරිම බලපෑම අත්විඳ නොමැති අතර, අගෝස්තු මාසයේ සිට එහි බලපෑම තවදුරටත් තීව්ර වනු ඇති බවයි. නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට එල් නිනෝ තත්ත්වයන් ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ 80% කට අධික සම්භාවිතාවක් පවතියි.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට ජනතාව උචිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.














