ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිංහල සහ දෙමළ ජාතික භාෂා ලෙස පිළිගෙන තිබුණද, උතුරු පළාතේ ජීවත් වන සිංහල භාෂාව කතා කරන පුරවැසියන්ට අධ්‍යාපනය, පරිපාලනය සහ රාජ්‍ය සේවා ලබා ගැනීමේදී ව්‍යවස්ථාපිත භාෂා අයිතීන් ක්‍රායනත්මකව අහිමි වී ඇති බවට ෂෙනාලි එස්. වඩූගේ මහත්මිය විසින් රචිත ලිපියක් මඟින් පෙන්වා දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය (සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීම තහනම් කිරීම), 18 සහ 19 වගන්ති (රාජ්‍ය සහ ජාතික භාෂා), 21 වගන්තිය (අධ්‍යාපන මාධ්‍යය) සහ 22 වගන්තිය (පරිපාලන භාෂාව) මඟින් පුරවැසියන්ට ලබා දී ඇති ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් කඩදාසියට පමණක් සීමා වී ඇති බව මෙහිදී අවධාරණය කෙරේ. විශේෂයෙන්ම උතුරු පළාතේ ජීවත් වන සිංහල දරුවන්ට සිය මව්භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පාසල්, සුදුසුකම් ලත් ගුරුවරුන්, පෙළපොත් සහ විභාග පහසුකම් ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.














