ශ්‍රී ලංකාවේ නිර්මාණ ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණින් ලංකා ටයිල්ස් (LANKATILES) ආයතනය, ජෙෆ්රි බාවා භාරය (Geoffrey Bawa Trust) සමඟ එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී 23 වැනි වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනය සඳහා අනුග්‍රහය දක්වා ඇත.
ජපානයේ කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙකු වන සහ junya.ishigami+associates ආයතනයේ නිර්මාතෘ ජුන්යා ඉෂිගමි (Junya Ishigami) මහතා විසින් මෙම දේශනය පවත්වන ලදී. ගොඩනැඟිලි ස්වරූපය, ස්වභාවධර්මය සහ මානව අත්දැකීම් අතර සම්බන්ධතාව නව මානයකින් ගවේෂණය කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඔහු, සම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක සංකල්ප අභියෝගයට ලක් කරමින් කටයුතු කරන වාස්තු විද්‍යාඥයෙකි.
මෙම අනුස්මරණ දේශනය ලංකා ටයිල්ස් සහ ජෙෆ්රි බාවා භාරය අතර ඇති කරගත් සහයෝගීතාවයේ එක් පියවරක් වන අතර, නිර්මාණ කලාව අත්විඳීමට, සාකච්ඡා කිරීමට සහ ඇගයීමට ලක් කිරීමට මංපෙත් විවර කරන ‘DesignTalk’ වැනි දැනුම බෙදාගැනීමේ වැඩසටහන් වෙතද මෙම හවුල්කාරිත්වය දීර්ඝ කර ඇත.














