2026 යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 90.40 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ මීටර් 90 කට වැඩි දුරක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එමඟින් මහා බ්‍රිතාන්‍යයේ ස්ටීව් බැක්ලි 1998 වසරේදී පිහිටුවා තිබූ වසර 28ක් පැරණි වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් විය.
මෙම දක්ෂතාවය වසරේ වාර්තා වූ දෙවැනි හොඳම දක්ෂතාව ලෙස සනිටුහන් වන අතර, ඒ අනුව ජුලියන් වෙබර් ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විසින් වාර්තා කරන ලද මීටර් 92.62 ක දක්ෂතාවය පමණි.














