ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත් වීම මත ක්‍රියාත්මක කරන ලද ‘පුනරුදයට අරුනළු’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘යාය 500’ අඩු වියදම් අස්වනු ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය හරහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවීන් 250ක් විසින් මෙම සුවිශේෂී කෘෂිකාර්මික සාර්ථකත්වය අත්කර ගෙන ඇත. මහවැලි අධිකාරිය විසින් දිරි දීමනා ලෙස රුපියල් 50,000ක මූල්‍ය දායකත්වයක් ද ලබා දෙමින් සිදු කළ මෙම මැදිහත්වීම හමුවේ, හෙක්ටාරයක වගාවක් තුළින් එක් ගොවියෙකුට වී කිලෝ 11,000කට වැඩි ප්‍රමාණයක් නෙළා ගැනීමට හැකි වී තිබීම දේශීය කෘෂිකර්මාන්තයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
රට තුළ පවතින ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ දේශීය කීරි සම්බා අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙවැනි ආදර්ශවත් ව්‍යාපෘති හරහා ලැබෙන ප්‍රතිඵල අතිශය තීරණාත්මක වන අතර, අඩු නිෂ්පාදන වියදමකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවි ප්‍රජාව යොමු වීම ජාතික ආර්ථිකයට සෘජු ශක්තියකි. සාම්ප්‍රදායික වගා ක්‍රමවලින් ඔබ්බට යමින් විධිමත් ආයතනික අධීක්ෂණය සහ තාක්ෂණික මඟපෙන්වීම යටතේ සිදු කළ මෙම වගා සංවර්ධන වැඩසටහන මඟින් ගොවිජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට මෙන්ම දේශීය සහල් වෙළඳපොළේ ස්ථාවරත්වය රඳවා ගැනීමට ද මාවත විවර වී තිබේ.
මෙම සාර්ථක අත්දැකීම ඉදිරි කන්නයන් තුළ අනෙකුත් මහවැලි කලාප වෙත ද ව්‍යාප්ත කිරීම හරහා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ ස්වයංපෝෂිතභාවය තවදුරටත් තහවුරු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෘෂිකර්ම බලධාරීන් සහ මහවැලි අධිකාරිය එකතුව අඛණ්ඩව ලබා දෙන මෙგැනි ආධාරක යාන්ත්‍රණ හරහා ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම දිගුකාලීන ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙන්ම ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමට ද ප්‍රබල රුකුලක් වනු ඇත.














