සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සංවිධාන කළ වාහන ප්‍රදර්ශනය හා පෙළපාලියට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය අවසන් වූ විගස වාහන මත පනවා ඇති තාවකාලික බදු සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
පෝට්සිටි පරිශ්‍රයේ සිට වෝටර්ස් එජ් දක්වා ගමන් කළ මෙම වාහන පෙළපාලිය සඳහා කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටර් රථ දක්වා වාහන රැසක් එක් කර තිබුණි. සමාජය තුළ වගකීම්සහගත මෝටර් රථ සංස්කෘතියක් සහ ස්වයං විනයගරුක රිය පැදවීමක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ පෙළපාලිය සංවිධානය කර තිබිණි.














