මධ්‍යයේදී අත්හිටුවන ලද රෝහල් ඉදිකිරීමේ ව්‍යාපෘති නැවත ආරම්භ කර අවසන් කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 45 ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුළත සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය.
මහජන මුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ සෞඛ්‍ය අංශයේ ප්‍රමුඛතා අවශ්‍යතා හඳුනා ගනිමින් කටයුතු කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ යටතේ ප්‍රධාන රෝහල් සඳහා නවීන හෘද කැතීටර්කරණ රසායනාගාර (Cath Labs) 16ක් රුපියල් බිලියන 3.15ක පිරිවැයකින් ලබා දීමටත්, රෝහල් නවීන CT සහ MRI ස්කෑන් යන්ත්‍රවලින් සවිබල ගැන්වීමටත් කටයුතු යොදා ඇත.














