පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ආසන්න බවත්, එළඹෙන වසර සිය ක්‍රීඩා දිවියේ අවසන් වසර විය හැකි බවත් Vogue සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
41 හැවිරිදි රොනාල්ඩෝ සඳහන් කර ඇත්තේ වසර 25 ක කැපකිරීම්වලින් පිරුණු ක්‍රීඩා දිවියෙන් පසු තමන්ට විවේක ගැනීමට, පවුලේ අය සමඟ කාලය ගත කිරීමට, සංචාරය කිරීමට සහ වෙනත් කැමති ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බවයි. තමාගේ ක්‍රීඩා දිවිය අවසන් වන විට ප්‍රබල උරුමයක් ඉතිරි කර යාමට අපේක්ෂා කරන බවත්, තමන්ගේ ප්‍රධාන ඉලක්කයක් වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා දිවියේ ගෝල 1,000 සන්ධිස්ථානය කරා ළඟා වීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බව Goal.com සහ The Athletic පුවත් සේවා වාර්තා කරයි.














