වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉදිරි වසර 35ක කාලයක් යනතුරු දේශපාලන වශයෙන් අභියෝග කළ හැකි කිසිදු නායකයෙකු මෙරට දේශපාලන කරළියේ නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර, ජනාධිපතිවරයා සතු බුද්ධිය සහ රට කෙරෙහි පවතින ලැදියාව අගය කරමින් ඔහුව “උතුම් ජනාධිපති” ලෙස හැඳින්විය යුතු බව අවධාරණය කළේය. වර්තමාන රජය ගොඩනගා ඇති ශක්තිමත් මහජන පදනම හමුවේ විපක්ෂය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














