මැදපෙරදිග කලාපයේ හමුදාමය සහ රාජ්ය තාන්ත්රික නොසන්සුන්තාව උපරිම මට්ටමකට පැමිණ ඇති පසුබිමක, ඉරානය වහාම යටත්වීමේ සුදු කොඩිය එසවිය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා හදිසි ප්රකාශයක් සිදුකර තිබේ.
දෙරට අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය සිය සටන්කාමී පිළිවෙත අතහැර පූර්ණ වශයෙන් යටත් විය යුතු බවට ජනාධිපති ට්රම්ප් අවධාරණය කර ඇති අතර, මෙම ප්රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ භූ-දේශපාලනික තත්ත්වය තවදුරටත් දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.














