යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින් මුහුණදෙන දුෂ්කරතා අවම කිරීමේ අරමුණින් නව භෞතික සැලැස්මක් සහිත විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 02 හි පලටුපාන පිවිසුමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උද්‍යානයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම, පිවිසුම් දොරටු, තොරතුරු මධ්‍යස්ථාන, අතිරේක ප්‍රවේශපත්‍ර කවුන්ටර් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මෙහිදී මූලික වශයෙන් අවධානයට ලක්ව තිබේ.
එමෙන්ම, ලුණුගම්වෙහෙර පිවිසුමේ පහසුකම් සංවර්ධනය කිරීම සහ අරන්ගමුව නව නැරඹුම් කලාපයක් ලෙස ආරම්භ කිරීම මඟින් යාල කලාප අංක 02 ප්‍රදේශයේ පවතින අධික තදබදය අවම කිරීමට අපේක්ෂා කෙරේ.














