අධිකරණ විෂය පථය පිළිබඳව ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තේ යැයි ජනාධිපතිවරයා පවසන බැවින්, එම උපදෙස් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන් කවුරුන්ජකැයි හෙළිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ී සිටී.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විනිශ්චයකාරවරුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසක් විරුද්ධව අදහස් දක්වා තිබියදී, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණ ගැනීම ගැටලුකාරී බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා කිසියම් අවධානයක් ලබා ගැනීමට මෙලෙස උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇති බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.














