සායින්දමරුදු පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර, පසුව පෙරිය නීලාවණී පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරියට වාර්තා කර සිටි පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (17) පස්වරුවේ පෙරිය නීලාවණී පොලිස් ස්ථානාධිපති කාර්යාලය තුළදී මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගේ නිල ඇඳුම් කොටස් උපසේවයට භාර දී වැඩිදුර විමර්ශන සඳහා ඔහුව කල්මුණේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.














