ලොව විශාලතම පීසා සන්නාමය වන ඩොමිනෝස් (Domino’s), ශ්‍රී ලංකාවේ සිය 15 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙරට මෙතෙක් නිපදවා ඇති දිගම පීසාව නිර්මාණය කරමින් සිය සේවකයින් සහ හවුල්කරුවන් සමඟින් මෙම සුවිශේෂී අවස්ථාව උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
චෙෆ් නාලක මහවත්තගේ සංකල්පයකට අනුව සහ සුරංග පෙරේරාගේ නායකත්වයෙන් යුත් ඩොමිනෝස් ආපනශාලා මෙහෙයුම් කණ්ඩායමේ දායකත්වයෙන් මෙම සුවිශේෂී පීසා නිර්මාණය ඉදිරිපත් කර ඇත. 2011 වසරේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළට පිවිසි දා සිට දිවයින පුරා පාරිභෝගිකයන් මිලියන දෙකකට අධික පිරිසකට සේවය සපයා ඇති ඩොමිනෝස් ශ්‍රී ලංකා, මෑතකදී 2024 සහ 2025 යන වසර දෙකේදීම සමස්ත කාර්යසාධනය වෙනුවෙන් කීර්තිමත් ‘Golden Franny’ සම්මානය ද දිනා ගනිමින්, එම ගෝලීය ගෞරවය හිමිකරගත් පළමු දකුණු ආසියානු වෙළඳපොළ බවට පත්විය.














