ජාතික උද්‍යාන ආශ්‍රිත සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සේවා කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, මින්නේරිය, කවුඩුල්ල සහ හුරුලු ජාතික උද්‍යානවල මේ සම්බන්ධයෙන් කරුණු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහභාගී වී ඇත.
උද්‍යානවල සංචාරක තදබදය අවම කිරීම, ඩිජිටල් තාක්ෂණය හරහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සකස් කිරීම, නව පිවිසුම් මාර්ග ඉදි කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම සඳහා වනසංරක්ෂණ නිෂ්පාදන අලෙවි කිරීමේ නව ක්‍රමවේද හඳුන්වා දීමට මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.














