රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු’ නැමැත්තා අද (18) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින 28 හැවිරිදි මෙම සැකකරු මෑතකදී ඕමානයේදී අත්අඩංගුවට ගැනුණු අතර, පසුව ඔහු ශ්‍රී ලංකාව වෙත මෙලෙස පිටුවහල් කර ඇත.














