අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පැවැති ජාත්‍යන්තර ආසියානු අමෙරිකානු ව්‍යාපාරික ප්‍රදර්ශනයේදී (IAABE 2026) ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
පිලිපීන අමෙරිකානු වාණිජ මණ්ඩල සන්ධානය (COFACC) විසින් ඉදිරිපත් කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා ලොස්ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සක්‍රීයව දායක වී ඇති අතර, මෙහිදී පැවැත්වුණු විශේෂ වටමේස සාකච්ඡාවකට සහභාගි වූ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අචිනි පෙරේරා මෙනවිය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ විවිධාංගීකරණ ප්‍රමුඛතා පිළිබඳව කරුණු පැහැදිලි කළාය. තවද, අමෙරිකාවේ ලාල් තිලකරත්න රංග කලා ඇකඩමිය විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නර්තන අංගයක් සහ විශේෂ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියක් (Country Pavilion) හරහා මෙරට සංස්කෘතික හා ආර්ථික විභවයන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
















