කොලොම්බියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් හානි වූ පාසල් යළි ගොඩනැගීම සඳහා සුප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ෂකීරා අමෙරිකානු ඩොලර් මිලියන 1.25ක මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
අගෝස්තු 10 වැනිදා බටහිර කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපක 7.4ක භූ කම්පනයෙන් චොකෝ පළාතේ පාසල් 200කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, ඊට සහන සැලසීම සඳහා ෂකීරා ඊයේ (17) එම ප්‍රදේශයේ හදිසි සංචාරයකද නිරත විය. ඇයගේ ‘Fundación Pies Descalzos’ පදනම, Live Nation, Global Citizen Education Fund සහ CAF ආයතනය සමඟ එක්ව මෙම අරමුදල් සපයන අතර, චොකෝ පළාතේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් යළි ගොඩනැගීමටද ඇය අපේක්ෂා කරයි.
















