ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන (2010 – 2012) සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොයුරු මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද (අගෝස්තු 18) අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මාළු අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්‍රසම්පාදන ක්රියාපිළිවෙත්වලින් බැහැරව කටයුතු කිරීම ඇතුළු චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.














