ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල අද දින (18) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අගය ඉහළ ගොස් (ශක්තිමත් වී) තිබෙනවා.
ඒ අනුව, සේලාන් බැංකුවේ ඩොලරයක විකුණුම් අගය රු. 336.90 දක්වා ද, එන්.ඩී.බී. බැංකුවේ රු. 336.25 දක්වා ද පහළ ගොස් ඇති අතර, මහජන බැංකුවේ විකුණුම් අගය රු. 335.79ක් සහ කොමර්ෂල් බැංකුවේ විකුණුම් අගය රු. 335.75ක් ලෙස සටහන්ව ඇත. මෙලෙස ප්‍රධාන බැංකු කිහිපයකම ඩොලරයේ මිල ගණන් පහළ යෑමත් සමඟම ඩොලරයේ විකුණුම් අගය රු. 335 සීමාව දක්වා පහළ බැස තිබේ.














