SLT සමූහය විසින් 2026 වසරේ පළමු අර්ධය සඳහා වන මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්, රුපියල් බිලියන 6.6ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2025 පළමු අර්ධයේ වාර්තා වූ රුපියල් බිලියන 4.3ක ලාභයට සාපේක්ෂව 54.4%ක වර්ධනයකි.
බ්‍රෝඩ්බෑන්ඩ් සහ ආයතනික සේවා සඳහා පැවති ඉහළ ඉල්ලුම මෙන්ම ආදායමේ ද්වි-අංක වර්ධනය හේතුවෙන්, රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඉන්ධන හා උපයෝගිතා සේවා මිලගණන් ඉහළ යාම නිසා ඇති වූ පිරිවැය පීඩනය සාර්ථකව අවම කර ගැනීමට සමූහයට හැකි වී ඇත. ඒ අනුව, 2026 පළමු අර්ධය තුළ සමූහයේ මුළු ආදායම රුපියල් මිලියන 61,314ක් දක්වා 11.1%කින් ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් දායකත්වය රුපියල් මිලියන 18,559කි. SLT-MOBITEL ආයතනය 5G සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයන් රට තුළ පුළුල් කිරීමේ කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදු කරමින් පවතී.














