ලබන සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින චීනයේදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 18 න් පහළ බාලිකා රග්බි පාපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ සංචිතය නම් කර ඇත.
සත්කාරක චීනය ඇතුළු රටවල් කිහිපයක් සමඟ තරග වැදීමට නියමිත මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, කපිල නෝල්ටන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික රග්බි තෝරා ගැනීමේ කමිටුව විසින් මෙම සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
**ශ්‍රී ලංකා යොවුන් බාලිකා පුහුණු සංචිතය:**
එම්. ජී. ජී. පවනි සත්සරණී, එම්. එස්. ෆාතිමා අෆ්රා, ජී. ඩී. ෂෙහාරා ශෂිමාලි, ඒ. විභූෂී රන්රුවනි, පී. ඩී. යෙත්මිණි බිමන්සා, ඩබ්ලිව්. ඒ. විමංසනී සවිසඳු, ජී. පවිත්‍රා හංසනී, ඩබ්ලිව්. අයි. එච්. හරින්දියා වීරපරාක්‍රම, කේ. මල්ෂී සත්සරණී, කේ. ඩී. එච්. එම්. ගුණසේකර, නදුලී ලුහන්සා ද සිල්වා, ටිකාෂී ආයුෂා, කේ. සේනුෂා සත්සරණී සිල්වා, ආර්. ඩබ්ලිව්. ආර්. අකේනී ඩයස්, එච්. ජී. සඳපා දෙව්මිණී කුමාරී හපුගොඩ, එච්. ඒ. සඳමිණී කෞෂල්‍යා හෙට්ටිආරච්චි, එච්. ජී. එස්. එස්. එච්. උඳුගොඩ, දිනෙත්‍යා සහේලී ගොඩහේන, බී. ඒ. ලෝචනා චමේලී සහ කේ. එච්. නවෝදී කවීන්ධ්‍යා.














