ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබේ.
‘ලා දළු බෝපත්’, ‘සෙනෙහස පුදා’, ‘සඳ තරු මල්’, ‘සංසාරේ අපි’ ඇතුළු බෞද්ධ ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් පද රචනය කරමින් උන්වහන්සේ දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.
කොළඹ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76කි. උන්වහන්සේගේ අපවත්වීම ශ්‍රී ලංකීය කලා ක්ෂේත්රයට මෙන්ම බෞද්ධ සාහිත්‍යයට පිරවිය නොහැකි පාඩුවකි.














