ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ 74 හි සමස්ත සක්‍රීය ජල ධාරිතාව අගෝස්තු 16 වන දින වන විට 37.2% ක මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.
ඒ අනුව, එම ජලාශවල සමස්ත සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 1,106,000 ක් ලෙස සටහන් වී ඇත. දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම ජල ධාරිතාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල (76.6%) දිස්ත්‍රික්කයෙන් වන අතර, පුත්තලම (67.8%), මහනුවර (63.3%) සහ මොනරාගල (59.5%) ඒ අතර වන බව වාර්තා වේ.
තනි ජලාශ සැලකීමේදී දෙදුරු ඔය (98.2%), වන් ඒල (98.0%) සහ රාජාංගනය (86.0%) ඉහළ ජල මට්ටම් පෙන්වන අතර, මනන්කට්ටිය (2.8%), මුරුතවෙල (2.4%) සහ එතිමලේ (5.7%) වැනි ජලාශවල ජල මට්ටම පහළ මට්ටමක පවතී. අගෝස්තු 10 සිට 16 දක්වා කාලය ආවරණය කරමින් නිකුත් කර ඇති මෙම දත්තවලට අනුව, මේ වන විට කිසිදු ප්‍රධාන ජලාශයක් වාන් දමමින් නොමැත.














