හෝමාගම ප්‍රදේශයේදී කුලී යතුරුපැදිකරුවෙකු ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මින්නේරිය – ජයන්තිපුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය, මියගිය පුද්ගලයාගේ හිස්වැසුම සහ ජංගම දුරකථනයද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි. මෙම ඝාතනය පිය-පුතු දෙපළක් විසින් සිදු කර ඇති අතර, ඊට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුත්‍රයා මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














