එක්සත් ජනපද හමුදා කොරියානු අණදෙන නිලධාරී (USFK) සේවියර් බ්‍රන්සන් (Xavier Brunson) සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය අතර ඒකාබද්ධ ‘උල්චි ෆ්‍රීඩම් ෂීල්ඩ්’ (Ulchi Freedom Shield) යුද අභ්‍යාස ප්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම අභ්‍යාස “සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස” පෙන්ටගනයට නියෝග කර ඇති පසුබිමක් තුළ මෙම සාකච්ඡා සිදුව තිබේ. මේ අතර, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඒකාබද්ධ අභ්‍යාස ආරක්ෂක අරමුණු මත පමණක් සිදුකෙරෙනු මිස උතුරු කොරියාවට තර්ජනයක් එල්ල කිරීමට නොවන බවයි. කෙසේ වෙතත්, ස්වාධීන ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කර ගැනීම සහ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














